(අංජුල මහික වීරරත්න)
මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට (3) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.
මැතිවරණ ක්‍රමය සකස්විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම කෙනකුට අදහස් දැක්වීමේ හැකියාව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියළු පාර්ශව වලට මෙම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැතිවිම.කොට්ඨාස 160ට.සමානුපාතික ක්‍රමයට 36ක් පත්කිරීම පෙර පරිදි.ඉතිරි 29 ජාතික ලැයිස්තුවට හිමිවිය යුතු අතර එය ජාතික වාර්ගික ආගමික ලෙසද පත්කළ යුතුය.උදා..වැදි ජනතාව වෙනුවෙන් එක් ලැයිස්තු මංත්‍රි දූරයක්.තරුන කාන්තා ලෙසද එම ලැයිස්තුවට ඇතුලත් කල යුතුයි.
මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්කරන්නේ රටේ අවශ්‍යතාවයට නොව බලයේ සිටින දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට ඊළඟට පවත්වන ඡන්දයකදී කොතරම් බලය ලබාගත හැකිද යන තක්සේරුව මතකයි. ඉතින් රටේ හැමදේම දේශපාලන වාසියට තීන්දු තීරණ ගන්නවා නම් රට දියුණු කරනවා කියන එක මිරිඟුවක්... පසුගිය වසර 75ම කලේ මේ වගේ අමන වැඩ... රට තවදුරත් යන්නේ ආපස්සටමයි.
මේක කරන්නේ රටේ යහපතට, සත්භාවයෙන් කියලා හිතන්න තරම් අපි මෝඩ නෑ... ඕවා කරලා කොහෝම හරි බලයේ ඉන්න හැදුවොත් වෙන දේ බලමු.