(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පසුගිය 13 වැනිදා සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානියකු පැවසුවේ කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන කොමිසමේ නිලධාරීන් සීමිත පරිදි කැඳවා රාජකාරි කටයුතු කරගෙන යන බවයි.
දවසින් දවස එක් එක් අංශ බැගින් කැඳවා රාජකාරි කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය සිකුරාදා වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කෙරුණු බව එහි ප්‍රධානීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් ඉක්මනින් දෙවැනි මාත්‍රාව දෙන්න වෙනවා .එත් ඒක අරගෙනත් සති දෙකක්වත් යනවලු ප්‍රතිශක්තිය ඇතිවෙන්න .ඒ වෙනකොට මොනවයින් මොනවා වෙලා තියෙයිද
කලින්ම හැදුන එක හොඳයි, නැත්නම් ඡන්දය ලංවෙලා හැදුනොත්.?
පවතින තත්ත්වය අනුව රාජ්‍ය නිළධාරින් ආසාධිත වීම ක්‍රමයෙන් ඉහළ යනවා. එය හොඳ තත්ත්වයක් නොවෙයි. එහෙම වුනොත් අත්‍යාවශ්‍ය සේවා පවා බිඳ වැටෙන්න පුළුවන්. දැනට එය සෞඛ්‍ය සේවයටත් තදින් ම බලපා තියෙනවා. ඒ ගැන අවධානය යොමුකර ප්‍රතිකර්ම යෙදවුවේ නැත්නම් ආර්ථිකය ඇතුළු සියළු කටයුතු අඩපන වේවි.