(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව හෙට (16) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් එම සාකච්ඡාවට සහභාගීවීමට නියමිත බවද එම කොමිසමේ ප්‍රකාශකයකු පැවැසීය.
ඉදිරි මහ මැතිවරණය සඳහා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කෙසේ බලපාන්නේදැයි සහ එම වයිරසයෙන් ආරක්ෂා සහිතව මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යවසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ ඉදිරි මහ මැතිවරණය කෙසේ හෝ පැවැත්වීමේ බලාපොරොත්තුව රජයට තිබෙන්නට පුළුවනි. දේශපාලකයින්ට ආරක්ෂා සහිතව ජනමාධ්‍ය මගින් ජනතාව ඇමතීමට පවා හැකිය. මැතිවරණ වේදිකා පවා නවතා දැමීමට හැකිය. නමුත් මැතිවරණයක් මේ ව්‍යවසනය දරුණුවට පැතිරෙමින් තිබෙන අවස්ථාවක ඒ ආකාරයට පැවැත්වුවහොත් පොලිම්වල සිට ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව වගකියන්නේ කවුද? COVID-19 ලෝකයේ දියුණුම ප්‍රබලම රටවලට පවා ප්‍රබල අභියෝගයක් මේ වනවිට එල්ල කරමින් තිබේ. එම රටවල සියලුම ආකාරයේ එක්රැස්වීම් පාසල්වල සිට ක්‍රීඩා උත්සව සහ නැවත දන්වන තුරු එම රටවල් නවත්වා ඇත. එම රටවල් සේවයට නොයන පුද්ගලයින් හට එම රටවලින් ගෙවීම් පවා කිරීමට එම රාජ්ජයන් මේ වනවිට සැලසුම් කොට තිබේ. මැතිවරණය පැවැත්වීම කළහොත් ලංකාවේ පුරවැසියන් හට COVID -19 පැතිරීමේ වගකීමත් රජයටම බාරගැනීමට සිදුවේ. මේ වනවිටත් ලංකාවේ සමහර නගරයන් " GHOST TOWN " බවට පත්ව ඇත. දේශපාලකයන් කෙසේවෙතත් මැතිවරණ කොමිසම සහ රටේ පූජ්‍ය පක්ෂයේ නායකවරුන් ඇතිව තිබෙන තත්වය රටේ ජනතාවට පැහැදිලි කරනු ඇති බව අපගේ විශ්වාසය වේ...
මේ මහත්තයා මුහුද ගව්වක් තියා දැනටම අමුඩේ ගහලනේ නේ...! වහලෙක්ද?
මේ වෙලාවේ මැතිවරණයකට යන තීරණය වෙනස් කරයි කියලා හිතනවා. මේ සමාජයේ විවේචනයට ලක් වුණු 225 තෝරන්න අපේ වටිනා මිනිස්සුන්ව බිල්ලට දීම අනුවණ ක්‍රියාවක්. ලෝකයේ දියුණු රටවල් සියලුම වැදගත් සාමූහික ක්‍රියා නවතා දමා තියෙනවා... ළඟදීම අපිටත් කෙටිකලකට හෝ විදේශීය සම්බන්ධතා වසා දමන්නට වේවි... එසේ නොවුණොත් මේ පින්බර දේශයට අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවන්ට වේවි...!!!
ඡන්දය පරිගණක ක්‍රමයකට තියන්න මුදල් නාස්තිය අවම කරන්න පැරණි ක්‍රමයෙන් මෙම අවස්ථාවේ ඡන්ද දායකයෝත් නිලධාරිනුත් අපහසුවට පත්වෙනවා ඡන්දෙත් පාර්ලිමේන්තු ගියත් කරන දේවල් පේනවනේ මහබැංකුව හොරකම් කල ඡන්දෙ දීලා ලැබුණු ප්‍රතිඵල ඒවා එම හොරුන්ට කොයි ආණ්ඩුවේනුත් දඬුවම් නැත..
දේශපාලකයින්ට කොරෝනා උඩින් නොවේ මළමිනී උඩින් හරි.... ඡන්දේ ගන්න පුලුවන්ද කියලා බලන්නේ රටේ වසංගතයක් තියෙන අවස්ථාවක ජනමතය 100% නියෝජනය වෙන්නේ කොහොමද? ඉතාලියෙන් අාව බූරුවන් ටිකයි, ආණ්ඩුවේ බූරු වැඩයි නිසා ලංකාවටත් වැඩේ වෙයි වගේ පෙනෙන්නේ...
ලංකාවට වඩා ව්‍යාප්තව ඇති ප්‍රංශයේත් මැතිවරණය තිබ්බා. යම් ආරක්ෂිත ක්‍රියා මාර්ගත් අරගෙන මැතිවරණය තියන්න...
ලෝකයේ සිටින විද්වතුන්ගේ මතය වන්නේ..., මිනිසුන්ට තම තමන්ම ආරක්ෂාව සපයාගැනීමට අවශ්‍ය බව... එම නිසා මහා ජන ඡන්දය කල් දමා මේ වෙලාවේ ලොවට ඇතිවී තිබෙන කොරෝනා ව්‍යවසනය හැකි ඉක්මණින් ලොවෙන් තුරන් කිරීමට උදව් කිරීමයි. ශ්‍රී දළදා මාලිගාවත් තාවකාලිකව මහජනයාට පැමිණීම නතර කළයුතුය... විශාල සෙනඟක් තෙරපි තෙරපී මෙම සිද්ධස්ථානයේ සිටීමෙන් රෝගය සැමෝටම බෝවීමට විශාල ඉඩකඩක් ඇත... රජයට බුද්ධිමත්ව ලෝකය සමග පණිවිඩ හුවමාරු කරගෙන නිවැරදි තීරණ ගත යුතුයි. මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි...