(සුජිත් හේවාජුලිගේ )
තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී ඇත.
ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී අත්හිටුවන බව දැනුම් දී ඇත.
ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අන්ත හා රජයේ නිවාඩු දින වසා දැමීමට කටයුතු කළයුතු බවද ලිපියේ දැක්වෙයි.
කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුත්තේය.
දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.
කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්ව ඇත.
කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සජිත්ටයි, අනුරටයි නිවාඩුවක් ගන්න පුළුවන්. නිකන් චාටර් වුණා.
එතකොට අර ජාත්‍යන්තරේ කියන එක කෝ...? මානව හිමිකම් කොමිසම?
ඔන්න පුතාණෝ සහ ඩොටානෝ දෙන්නට ස්‍වර්ණමය අවස්ථාව... පුළුවන් නම් 9ට ඡන්දෙ අරගෙන දෙන්න.. අර කිව්ව විදිහට මුලුරටම පාරට බස්සවලා... රට ගොඩගන්න කලින් දෙන්නාම එකතුවෙලා ඡන්දෙ ගොඩදාලා දෙන්න. එතකොට අපි ඔබලා දෙන්නට සලකන්නම්... මාරුවෙන් මාරුවට...
ඇහිල්ලක්, බැලිල්ලක්, නැතිව මෙයා නටන්න ගත්තා. බෙරේ ගහනකන් හිටියේ නෑ. කාගේ හරි කීමට තමයි එහෙම වුණේ...
වහාම පොහොට්ටුවේ ඇප මුදල් රාජසන්තක කරන්න. කාලකණ්ණි බොරු නාඩගම්...