(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77 ක මුදලක් ලබා දෙන ලෙසට ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.
මේ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77ක් ලබා දෙන්නැයි මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් පසුගියදා කරනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසිනි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළුව මැතිවරණයකදී මූලික කටයුතු කරන ආයතන සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට මෙම මුදල ඉල්ලා සිටි බව නිමල් පුංචිහේවා මහතා පැවසීය.
මේ අතර මුදල් නොලැබුණහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැටලුකාරී වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා කෝටි 400ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැත්නම් දෙන්න බැහැනේ. ඒ බව වත් ලියල නැති වීම මුදල් ලේකම් ගේ වරදක්. මෙතරම් බලය තිබෙන මැතිවරණ කොමිසමටත් උත්තර බඳින්න මෙතරම් පමාවෙනවා නම්, ඔය ලේකම්ට සාමාන්‍ය පුරවැසියෙකුගේ ලිපියකට පිළිතුරු දීමට අවුරුදු ගණනක් යාවි නේද ?
රට බංකොලොත් කරලා අපිම දිගටම බලේ ඉන්නම් කියලා චන්ද වලට මුදල් නොදෙන එක ශීලාචාර කමක්ද ?
මේ කාලකන්නි ආණ්ඩුව කොහොමත් මේ වෙලාවේ චන්දයක් තියන්නේ නැහැ