
(රංජන් කස්තුරි)
මත්වතුර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමේ තීරණය වහාම හකුළා ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සොභිත නා හිමියෝ සඳහන් කරති.
ආණ්ඩුවේ අපෙක්ෂාව ජනතාව බේබද්දන් කර රටේ දැවෙන ප්‍රශ්න අමතක කිරීම යැයි ද සෝභිත නාහිමියෝ පවසති.
අද රටේ ජනතාවට කන්න බොන්න නෑ.ගෑස් නෑ, ඉන්ධන නෑ, රටේ විදේශ විනිමය නෑ, රට ආර්ථික වශයෙන් පසු බාලා.
එවැනි පසුබිවක රජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් සුරාබදු කොමසාරිස්වරයාට මද්‍යසාර කර්මාන්ත ශාලා තුනක් විවෘත කරන්න අවසට දෙන්න කියා ලිපියක් යවලා. මද්‍යසාර නිපදවීමෙන් රටේ සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මෝඩකමක්.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ලංකාවේ බේබදුකම වර්ධනය වෙලා. ලෝකේ අනෙක් රටවල් මත්වතුර පරිභෝජන වේගය සියයට 55ක් වෙද්දී ලංකාවේ ඒක සියයට 95ක් වෙලා වගකීම් සහගත මහජන හිතකාමී රජයක් හැටියට කරන්න ඕනේ මත්වතුර භාවිතය අවම කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෞද්ධ රටක්... මහජනයාගේ ඡන්දයෙන් පත්වෙච්චි ජනාධිපති ඉන්නකොට ඕක තමයි වෙන්නේ...
වැඩේ කියන්නේ මේවා "වසව්, වසව්" කියමින් කිසි කෙනෙක් පාරට බහින්නේ නැහැනේ...
අපේ අම්මලා පිටරට වහල් සේවයට යවන එකත් නවත්වන්න අපේ හාමුදුරුවනේ...!
මේ නිෂ්පාදන පිට රටවලට යවලා විදේශ විනිමය උපයනවද දන්නේ නෑ... මේවා හොඳ ව්‍යාපාර නම් නෙවෙයි. නමුත් ලෝකයේ පවතින තත්ත්වය මත විදේශ විනිමය උපයන්න පුළුවන් නම් රටට හොඳයි. මේවා තිබ්බත්, නැතත් බොන කෙනා බොනවා...
මුන්නාන්සේ දේශපාලනීකරණය වීම නිසා දැන් කියන දේ උන්නාන්සේවත් නොදනී...
ඕක නවත්තල දාන එක වෙනුවට ජනතාවට ධර්ම දේශනා කරලා ඒ අය මත් බවින් තොර කරන්න. රට කරන අයට රට කරන්න දෙන්න. කාර් බාර් ඉඩම් දේපල දුන්නේ නෑ කියලා ආන්ඩුව එක්ක තරහට හැම එකටම විරුද්ධ වෙන එක නවත්තල යන ආපායෙන් ගැලවෙන විදිහක් හිතන්න.