( මහේෂ් කිර්තිරත්න)
රට තුළ පවතින තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා සහන සැලසිමට අවශ්‍ය සහය ලබා දිම පිණිස මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් රුපියල් ලක්ෂයක මුදලක් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර මහතා වෙත ලබා දිම අද(26) සිදු කෙරුණී.
මාතලේ වාණිජ මණ්ඩලය,මාතලේ රොටරි සමාජය සහ මාතලේ ශ්‍රි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ පාලක සභාව සමග මාතලේ දානපතියන් ව්‍යාපාරිකයින් එක්ව එදිනෙදා කුලි වැඩ කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ජිවත්වන පවුල් සදහා වියළි සලාක මල්ලක් ලබා දිමට කටයුතු කර ඇති අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන දියත් කිරිමට නියමිතය.
අදාළ මුදල් පරිත්‍යාගය මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන ලේකම් නිතිඥ හිරන්ත ඉද්දමල්ගොඩ යන මහත්වරුන් විසින් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර මහතා වෙත ලබා දුන් අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතුය . බෞද්ධ පිළිවෙත අසරණයාට පිහිටවීමය. ස්තුතියි