
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් එම ස්ථානයට ළඟාවන අවස්ථාවේදී නළු නිලියන් ඇතුළු එම පක්ෂයේ බලවතුන් පිරිසක් විසිර ගියහ.
ප්‍රධාන පක්ෂයක ස්වාධීන අපෙක්ෂයකුට සහාය දැක්වෙන අයුරු ඇඟවෙන වීදි නාට්‍යයක් හා ඔහුගේ රුව රැගත් පෝස්ටර් අතැතිව ෙ එම ස්ථානයේ රැඳී සිටි ප්‍රබලයින් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන් පැමිණීමට පෙර එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ.
එම පිරිසට ආහාර ලබාදීමට සූදානමක් ඇති බවට මාතලේ මැතිවරණ පැමිණිලි ආරවුල් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ සහකාර ප්‍රධාන තේරීම් භාර නිලධාරී උත්පල ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් හා පොලිසිය සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කර අවස්ථාවේදී එම ස්ථානය තුළ එවන්නක් සිදු නොවූ බැවින් එම ස්ථානයෙන් පිටතට පැමිණ සුළු මොහොතකට පසු සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරය ඉදිරිපිටදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් පවත්වන බවට නැවතත් ඔහුට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැවතින අවස්ථාවේදී වීදි නාට්‍යයේ නියැළී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්ව මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
COMMENTS
මේ පිරිස ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම මහා ප්‍රජාතන්ත්‍රවාදීයා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන කෙනාගේ යටත් වැසියෝ, අනුග්‍රාහකයෝ නේද..? කරුණාකර එතුමාට ලැජ්ජා කරන්න එපා.
මහලොකු පුළුවන් ශ්‍රීලංකා..... යකෝ පුළුවන්ද අපි චාටර් නොකර පාස්පෝට් හැදුනුම්පත් කාඩ් එකක් දෙන්ඩ... නම විතරයි බොරු කයිය
පුළුවන් කිව්වට බැහැ වගෙයි .
අපි දැන් අවුරදු 50 තිස්සේ මේ පුළුවන් මුත්තාගේ විකාර දැක්කා , දින්නට පස්සේ තනිකරම් ලෝකහොරුන්ට විතරයි සලකන්නේ
මේ ස්වාධීන අපේක්ෂකයා වගේම මිනිහගේ ගොඩයොත් කරන්නේ නීති විරෝදී වැඩ... රට කන්නම උපන් කෙනෙක්...
මේ ස්වාධීන අපේක්ෂකයා මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරන ලද්දෙකි. මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. ඒ වගේම පාස්කු ප්‍රහාරය මොහුගේ දැනුවත්කම මත සිදුවූ අපරාධයක් ලෙස සාක්ෂි ලැබී තිබෙන අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යටතේ ලබාගත් ඩොලර් බිලියන 12.5 ක් සහ මාගම්පුර වරාය චීනයට වසර සීයකට බදුදී ලබා ගත් ඩොලර් බිලියන 1.1 අස්ථාන ගතවීම සම්බන්ධයෙන් ළඟදී අත්අඩංගුවට පත්වීමට නියමිත අයෙකි...
ඔයා සිලින්ඩර් 100 කවදාවත් නීතියට ගරු කරපු කෙනෙක් නෙමෙයි
වසා නොසමත් කම් ගුණ වරුණ යාතිකා කසා පිට අපුල්ලා හේදුවත් දැලි කුණු මක මකා නිසා අඳුරේ ගිලෙන එළි මිලිනව තාරුකා අසා ඉමු තවත් අපි ගොළු හංස ගීතිකා.. ලිහිණියාගේ - ගිජුලිහිණි සංදේශය
ලෝකයේ මෙතරම් දියුණු තාක්ෂණයක් තිබුණත්, ඒ කිසිවක් නොදන්නා, ලංකාවේ, මෝඩ රැළගේ මේ ගෝත්‍රික විගඩම් දැකලා අපට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා... මේ අයට පිස්සු නැත්නම් ෂෝක්..!
අපේ සල්ලි...!