IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා

(මහේෂ් දීර්තිරත්න)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පලාපත්වල ප්‍රදේශයේ ඉඩම් 20ක් අක්කරයක් රුපියල් 830 බැගින්වු මුදලකට ව්‍යාපාරියකුයට ලබා දී ඇතැයි මාතලේ ප්‍රදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හන්දෙනිය මහතා පවසයි

ඒ මහතා මේ බව කියා සිටියේ පැවැති මාසික සභා රැස්වීමේදිය.

2013 වසරේ පරිසර වැඩසටහනක් සිදු කිරිම සදහා අක්කර 5ක් ඉල්ලුවත් මේ දක්වා එය ලබා නොදුන් බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය. අපි අවුරුදු ගණානාවක් තිස්සේ රජයේ වැඩකට  ඉඩමක් ඉල්ලුවාම එක එක  නිති දානවා.

නමුත් වෙනත් අයට මාසයක් ඇතුළත සියලු ලිපි ලේඛන හදලා දෙනවා. අපි ළගට එන්නේ වෙළඳ බලපත්‍රය ගන්න විතරයි. සියලු දේ කොළඹින් කරගෙන තියෙන්නේ. පසුගිය ආණ්ඩුව කාලයේදිත් සිදු වුණා. මේ ආණ්ඩුවෙත් මේ දේ වෙනවා.

මහා පරිමාණ ඉඩම් විකිණිමේ මාෆිායවක් සිදු වෙනවා. මේක මාතලේ ප්‍රදේශයට පමණක් නොව දිස්ත්‍රික්කය පුරාම ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා. අහිංසක මිනිස්සු ජිවත්වෙන්න පර්චස් 10ක් ඉල්ලා ගියාම රටේ නැති නිති කියනවා. නමුත් දේශපාලන හයිය, මුදල් යහමින් තියන අයට මේ නිති මොකවත් නැහැ.අපේ තියෙන වටිනාම ඉඩම් ලබා දෙනවා.යැයිද සභාපතිවරයා පැවසිය.

විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා කියා සිටියේ මේ සිදුවන ඉඩම් විනාශය වහා නැවතිය යුතුයි. අපට ඉඩම් කිහිපයක් ගන්නා අවස්ථා ගණනාවකදි කතා කළා. නමුත් එය සිද්ධ වුණේ නැහැ.දැන් වෙනත් ක්‍රම මගින් ඉඩම් ලබා දිම් සිදුවෙනවා.අපි මේවාට එරෙහිව හඩ නැගිය යුතුයි.මේ දේවල් සිද්ධවෙන්න දෙන්න බැහැ.



අදහස් (8)

මාතලේ අක්කර 20ක රජයේ ඉඩමක් අක්කරය රුපියල් 830ට දීලා

Ranjith Saturday, 11 December 2021 07:41 AM

මෙහෙම තමා රට විනාශ කලේ. දැන් බයිලා ගහනවා

:       0       7

priyantha Saturday, 11 December 2021 07:48 AM

මේ මිනිහට ඉඩමක් හොරා ගන්ඩ බැරිවෙච්ච නිසා ගොඩක් දුක හිතිලද කොහෙද

:       2       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 December 2021 08:06 AM

කොහොමද මේ රටේ ඒ පැත්තේ හා මේ පැත්තේ ඉන්නා දෙගොල්ලන්ගේම වැඩ කිඩ ... ? අක්කරය රු. 830 යි. අක්කර 20 ටම රු. 16600 යි.එක නීතියක් .. එක රටක් කිව්වාට,කෙරෙන්නේ තමන්ගේ අයට එක නීතියක්.රටේ මිනිසුන්ට වෙනත් නීතියක්.

:       0       12

RaveendraSaturday, 11 December 2021 01:00 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප රටේ තිබෙන "සියලුම පක්ෂවල" දේශපාලුවන් 99.999999% ක්ම පට්ට හොර තක්කඩින්ය. සුදු රෙදි ඔලුවේ සිටම ඔතාගෙන කඹ වගේ නුල් "කුරවල" ඔතාගෙන මල් වට්ටි ඔලුවේ තියාගෙන ඉන්න මහා පව්කාර හැත්තකි.

:       1       15

fairoosSunday, 12 December 2021 01:24 PM

ඉවසා සිටින්න. ඥාණසාර හාමුදුරුවන් පත්කරලා තියෙන්නේ එක රටක්, එක නීතියක් හදන්න තමයි.

:       0       4

Rohan Saturday, 11 December 2021 02:49 PM

ඕවා මොනවද? මල්වානේ ඉඩම නොමිලේ ගත්තේ...

:       0       8

Ariyasena Lelwala Saturday, 11 December 2021 09:01 PM

කිසියම් ආයතනයක් වගා කිරීමට ඉඩම ලබා ගන්නේ කෙසේද?

:       0       2

sharm warn Monday, 13 December 2021 08:59 AM

ඉඩම් විතරක් නොවෙයි, පුරාවස්තුත් දැන් විකුණන්න පටන් අරන් කියලා දන්නවද? ඇයි මේ හිඟන හැතිකරයට බලය දුන්නේ පොට්ටයින් වගේ...? ඡන්දය නොදුන් සහ කිසි දවසක නොදෙන කෙනෙක් හැටියට මම මගේ තීරණය ගැන සතුටු වෙනවා. රට ගැන නම් දුකයි, මොකද අපිටත් මේ පව් ගෙවන්න වෙලා තියෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site