(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා:
පාස්කු ප්‍රහාරය සිද්ධ වෙද්දී රටේ ජනාධිපතිකම ආරක්ෂක ඇමැතිකම සේනාධිනායකකම පොලිසිය බාර ඇමැතිකම සියල්ල දැරුවේ එක පුද්ගලයයි. ඒ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා.එතුමාට ඒ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කියලා එදා හිතුවේත් නැහැ. අද හිතන්නෙත් නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය. මම මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු පුළුල් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
තුෂාර ඉඳුනිල් මහතා:
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සියල්ලේ බලධාරියාවූ සේක තමයි.හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලයේ අගමැතිවරයා.
ඔහුත් චූදිතයකු විදියට ඔබතුමාලා නම් කළා. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන ඔබතුමාලා දෙන්නෙත් ඔය වගේ දියාරු උත්තරයක්ද.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මෛත්‍රීට පාස්කු සිද්ධියෙන් ගැලවෙන්න බෑ