( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
එම පුද්ගලයා අධික බීමතින් මූලස්ථාන පොලිසියට ඇතුල්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එය වැලැක්වීමට පොලිස් නිලධාරියා පියවර ගත් අවස්ථාවේදී එම පහරදීම සිදුවී ඇති බව පොලිසිය කියයි .
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
අධික බීමතින් රිය පැදවීමේ වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලිස් ඇප අත්සන් කිරීම සඳහා මෙම පුද්ගලයා අධික බීමතින් මූලස්ථාන පොලීසියට ඇතුල්වීමට උත්සාහ කළ අවස්ථාවේ දී ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා ඔහු වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ නම් කිහිපයක් පවසමින් පහර දීම සිදු කර ඇති බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික බීමතින් ඇප දී අධික බීමතින් නිදහස් කරන එකයි තියෙන්නේ...