
(තරංග ගුණරත්න)
දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .
සහල් සඳහා රජය මඟින් පනවා ඇති පාලන මිල නොකතා මාතර නගර ගණනාවක වැඩිමිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට ලද තොරතුරු මත විශේෂ වැටලීමක් අද දවස පුරා ක්‍රියාත්මක කෙරිණි.
මාතර , වැලිගම, දික්වැල්ල , හක්මන, අකුරැස්ස, ආදී නගර ගණනාවක මෙම වැටලීම සිදුකොට තිබෙි.
දේශීය කැකුළු සහල් කිලෝවක් 220 ක පාලන මිලක් පනවා තිබියදී එය අභිබවා යමින් 290, 310 වැනි මිලකට සහල් අලෙවි කරන ස්ථාන 21 ක්ද තොග නොමැති බව පවසමින් නීති විරෝධී ලෙස තොග පවත්වාගෙන යමින් කටයුතු කළ ව්‍යාපාරක ස්ථානන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද පාරිභෝගික අධිකාරියය කියයි.
විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිට රැගෙන එන ලද කැකුළු සහල් ලොරියක් ( සහල් මිටි 500 ) තවත් ලොරියකට පටවමින් සිටියදී අකුරැස්ස නගරයේදී නිරීක්ෂණයට ලක්ව තිබේ . එහිදී එම සහල් ඇණවුම් කළේ කවුරුන්ද යන වගට ඔවුන් සතුව තොරතුරු නොමැති බවට අනාවරණය වී තිබිණි.
නමුත් පසුව එම සහල් ව්‍යාපාරික ස්ථාන පහක් සඳහා ලබා දුන් බවට අනාවරණය වී තිබුණි.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාතර සහල් මඟඩියක් අල්ලයි
abid Wednesday, 22 January 2025 11:21 AM
දඩ මුදල වැඩි කරන්න අඩු ගානේ ලක්ෂ 4 ක් වත්, නැතිනම් ඉතින් මේ අයට දෙන්නේ නැ
ගුණරත්න Wednesday, 22 January 2025 11:27 AM
දැන් නම් නියම කොමියුනිස්ට් ක්‍රමේ, කලූ කඩ වෙළඳාම තියෙනවා, රටේ නායකයා හමුදාව දාලා හරි තොපිට කෙලවනවා කියල තර්ජනය කරනවා. හෙන්චය්යෝ ඕපාදූප කේලම් කියා කියා ඉන්නවා.
Kamal Koyrala Wednesday, 22 January 2025 02:20 PM
මුන්ට දිය හැකි උපරිම දඬ මුදල් සහ බන්ධනාගාර ගත කර පාරිභෝගික ජනතාවගේ දැන ගැනීම පිණිස සතියක් කඩ වසා තැබීම සුදුසුයි.