IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින්

(යොහාන් භාසුර)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගතවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (18) පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස තමන් රාජකාරි ආරම්භ කරන විට මසකදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය සංඛ්‍යාව 300 ත් 400 ත් අතර පැවතිය ද පසුව මසකට ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම සංඛ්‍යාව 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය වැඩිම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව බව කී අමාත්‍යවරයා මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිස ලෙස 76,579 ක් කුවේට් රාජ්‍යයට පිටත්ව ගොස් ඇති බව ද සඳහන් කළේය.

කටාර් රාජ්‍යයට 69,992 ක්, සෞදි අරාබියට 51,421 ක් සහ ජපානයට 4,410 ක් මෙම වසරේ පිටත්ව ගොස් ඇති බවත් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (18) පැවති සැමරුම් උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

 



අදහස් (9)

මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින්

ලලිත් Sunday, 18 December 2022 07:28 PM

මුන් හිතන්නේ මිනිසුන් රටයන එක මහ වීර කමක් කියලා මිනිසුන්ට උපන්රටේ තමුන්ගෙ දරුපව්ල් එක්ක ජීවත්වීමට ක්රමයක් නැති හින්දා යනවා මිස ආසාවට රට යන්නෙ නැහැ

:       2       12

ඇත්ත රස්සාව..! Sunday, 18 December 2022 07:49 PM

තම ගෙදර වත්තවත් අතු ගාපු නැති.. ගෙදර කකුස්සියවත් හෝදපු නැති... අම්මගෙ දෙපා හෝදලවත් නියපොතු කපාපු නැති එවුන් පිටරට ඇවිල්ලා පාරවල් අතුගායි... කකුස්සි හෝදයි....

:       1       7

sena Sunday, 18 December 2022 08:12 PM

මිනිස්සු රටේ ඉන්න විදිහක් නැතුව පිට රට යනවා මේ මනුස්සයට ඒක ලකුණු දාගන්න කාරණයක්.

:       0       12

ගජමිතුරු Monday, 19 December 2022 06:45 AM

එහෙනම් ඉතින් විදේශ සේවා නියුක්තියේ ලොක්කන්ට මෙතෙක් වාර්ෂිකව කරපු පාටි දැමීම මාස හයෙන් හයටවත් කරන්න පුළුවන් වේවි ඌරො කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියන්නෙ ඕකට තමයි.

:       0       6

Sanath Dubai Sunday, 18 December 2022 09:42 PM

මිනිස්සු රට යන්නේ ඇමතිගේ දක්‍ෂ කමකට නෙවෙයි. රටේ ජීවත් වෙන්න බැරි කමට​

:       0       13

Lalla Sunday, 18 December 2022 10:45 PM

රටක ජීවනාලිය පුහුණුව ලත් ශ්‍රම බලකාය. ඔවුන්ට විදේශ ගත වීමට හේතුවන ලෙස කටයුතු යෙදුනේ රජය කල විනාශය නිසා. මේ ඇමතිය ඒක තේරුම්ගන්න ඕන.

:       0       9

Lal Monday, 19 December 2022 08:50 AM

හොඳ වැඩක්

:       3       2

Kumara Monday, 19 December 2022 12:54 PM

ඔබේ වටිනා යෝජනාවට ස්තුතියි..! අපිට ඔබ විශ්වාසයි.

:       0       0

Kumara Monday, 19 December 2022 12:55 PM

අපි නැවතත් ඔබට ඡන්දය දෙන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site