
(සුමිත් පොතුපිටිය)
මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී මාර්ගයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය කීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයකු බවට සැකපලකරන බවත් පොලිසිය කීය.
ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශය මගහැර සිටින බවත් පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරෝ...?
බුදුහාමුදුරුවෝ ආශ්‍රය නොකළ යුතු හා ආශ්‍රය කළයුතු මිතුරෝ හඳුන්වා දීලා තිබුණා වුණත් දැන් කාලයේ ඒවා ඉගැන්වීමක් නොකරන තත්වයක් තියෙද්දී දැන් සූදානම් වෙනවා. පාසලේ ආගම ඉගැන්වීමත් ඉවත්කරන්න ඔය අතරේම කෙනෙක් කියලා තිබුණා ආණ්ඩුව ජේසු සමිඳුගේ මාර්ගයේ යාමට බැඳී සිටිනවා කියලා. ඒ සමග සමහරක් පාස්ටර්ලා ගම්වැදී විවිධ ආකාරයට දුප්පතුන්ට ආහාරයෙන් සංග්‍රහ කරමින් ආගමට හරවා ගැනීම් කෙරෙනවා..