
(රන්ජන් කටුගම්පොල සහ මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනුකොට තිබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.
එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත් වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන වන්නේ කිය.
එම කරුණු මත මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම දැනුම් දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත් එම කරුණු මත පෙත්සම සමථයකට පත් කිරීමට එකඟ වන බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියට විහිළු සපයන්නෝ සහ මළමිනියට මරාගන්න භාර්යාවෝ නිර්මාණයක්. රස සාගරයක්...
බදුල්ලේ පගා කප්පිත්තා, සාරියක් සායක් දැක්කත් කුලප්පු වෙනවා පොලොන්නරුවේ කෙනා කට ඇරියොත් පච, කොමිස් මරුවා, එකට හිරගෙදරත් යන්න වෙන පාටයි...
දැන් ඩාලිපාරට හොඳවායින් ඇඳකුයි, අඟ-පසඟ තියෙන ස්ත්‍රී රත්නයකුයි තමයි අඩුපාඩු...