(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදුල්ල මුතියංගන රජමහා විහාරයේ  දහම් පාසලේ  පසුගිය ඉරුදින රැස්වීමේදී  දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී උදයන කිරිඳිගොඩ  මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

කිරිඳිගොඩ  මහතා මෙසේද සඳහන් කළේය.

"මේක  දරුවන් එක්දහස් අටසීයක් ඉගෙනුම ලබන නගරබද  දහම් පාසලක්. ගම්වලට යද්දි මේ  තත්වය කොහොම වෙනව ඇද්ද. විදුලිබල ප්‍රශ්නය හැමෝටම ප්‍රශ්නයක්. මම දන්නේ නෑ විදුලිබිල ආපහු වැඩි වෙනවද කියන  එක. කොහොම නමුත් ජනතාවගේ පැත්තෙන් හිතලා සානුකම්පිතව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. මවුපියන්ට අද දරුවන්ට පොත් පත් ටික අරන් දෙන්න කෑම ටික දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා."