(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ අනුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම් ලබන 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරා බදු සමාගම් ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 850කි.

පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා කාල සීමාවේ පමණක් ගෙවීමට ඇති ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 180කි.

මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.