(එස්. ඩි.කොඩිකාර සහ අජිත් ලංකාතිලක)
මාතර මාකදුර ප්‍රදේශයේ කිරිපිටි ඒජන්සියක් වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 169 ක් , මිලිලීටර් 180 මත්පැන් බෝතල් 232 ක් සහ බීර කෑන් 43 ක් අද (15) අත්අඩංගුවට ගත්බව මාලිම්බඩ පොලිසිය කියයි.
මත් පැන් බෝතල් ප්‍රවාහනය කළ මෝටර් රථයක් සහ සැකකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් අනෙක් පුද්ගලයා මාකඳුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත් පොලිසිය හඳුනාගෙන ඇත.
මාකදුර දෙස සිට කඹුරුපිටිය දෙසට පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාලිම්බඩ පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී එහි පිටුපස තිබී මත්පැන් බෝතල් තොගය සොයාගෙන තිබේ.
මාකදුර ප්‍රදේශයේ ගබඩා කර තිබූ කිරිපිටි ඒජන්සියද වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 109 ක් මත්පැන් කුප්පි සහ බීර කෑන් 43 ක් සොයා ගැනීමට හැකිවූ බව වැටලීම සිදුකළ පොලිස් පොලිස් නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෝටර් රථය සහ මත්පැන් බෝතල් සමඟ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව මාලිම්බඩ පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිත්‍යානුකූලව මිලට ගත් මත්පැන් අදාල රිසිට් පත තියනවානම් ලග තියාගන්න නීතිමය බාධාවක් නැහැ. මත්පැන් හල් වසා ඇති දිනවල උනත් කලින් දිනයක ගත් මත්පැන් අදාල රිසිට් පත සහිතව ගෙනියන්න පුළුවන්. හැබැයි එක අයෙක්ට ලග තියාගන්න පුළුවන් මත්පැන් කෝටාවක් තියෙනවා. ඊට වඩා ලග තියාගන්නවා නම් තවත් කෙනෙක් ඉන්න ඕනේ ඒ වැඩිපුර ටික එයාගේ මත්පැන් කෝටාව බව පෙන්වන්න. පොලීසියත් එයාලගේ දවසේ මදුවිත ප්‍රමාණය සොයාගන්න මෙහෙම කරන්නේ.