IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ 2 ක් පොලිස් දැලේ

(එස්. ඩි.කොඩිකාර සහ අජිත් ලංකාතිලක)

මාතර මාකදුර ප්‍රදේශයේ කිරිපිටි ඒජන්සියක් වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 169 ක් , මිලිලීටර් 180  මත්පැන් බෝතල් 232 ක් සහ බීර කෑන් 43 ක් අද (15) අත්අඩංගුවට ගත්බව මාලිම්බඩ පොලිසිය කියයි.

මත් පැන් බෝතල් ප්‍රවාහනය කළ මෝටර් රථයක් සහ සැකකරුවන් තිදෙනකුද  අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු  කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්  අනෙක් පුද්ගලයා මාකඳුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත් පොලිසිය හඳුනාගෙන ඇත.

මාකදුර දෙස සිට කඹුරුපිටිය දෙසට  පුද්ගලයන් දෙදෙනෙකු  ගමන් කරමින් තිබූ  මෝටර් රථයක් මාලිම්බඩ පොලිස් මාර්ග බාධකයේ  සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමේදී එහි පිටුපස තිබී මත්පැන් බෝතල් තොගය සොයාගෙන තිබේ.

මාකදුර ප්‍රදේශයේ  ගබඩා කර තිබූ කිරිපිටි ඒජන්සියද වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 109 ක් මත්පැන් කුප්පි   සහ බීර කෑන් 43 ක් සොයා ගැනීමට හැකිවූ බව වැටලීම සිදුකළ පොලිස් පොලිස් නිලධාරීහු පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෝටර් රථය සහ මත්පැන් බෝතල් සමඟ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව මාලිම්බඩ පොලිසිය පැවසීය.

 

 



අදහස් (1)

මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ 2 ක් පොලිස් දැලේ

පලිහක්කාර Wednesday, 15 April 2020 12:39 PM

නිත්‍යානුකූලව මිලට ගත් මත්පැන් අදාල රිසිට් පත තියනවානම් ලග තියාගන්න නීතිමය බාධාවක් නැහැ. මත්පැන් හල් වසා ඇති දිනවල උනත් කලින් දිනයක ගත් මත්පැන් අදාල රිසිට් පත සහිතව ගෙනියන්න පුළුවන්. හැබැයි එක අයෙක්ට ලග තියාගන්න පුළුවන් මත්පැන් කෝටාවක් තියෙනවා. ඊට වඩා ලග තියාගන්නවා නම් තවත් කෙනෙක් ඉන්න ඕනේ ඒ වැඩිපුර ටික එයාගේ මත්පැන් කෝටාව බව පෙන්වන්න. පොලීසියත් එයාලගේ දවසේ මදුවිත ප්‍රමාණය සොයාගන්න මෙහෙම කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site