(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් රැගෙන යෑමට පැමිණි තරුණයෙකු අද (30) රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
කොළඹ 14 ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක් භාර ගැනීමට මෙම පුද්ගලයා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ තිබුණි.
එහි සේවය කළ රේගු නිලධාරීන්ට මෙම පාර්සලය පිළිබඳව සැක සිතී එය විවෘත කර පරීක්ෂා කර බලද්දී එම සෙල්ලම් බඩු බහා තිබූ පෙට්ටියෙහි ඇතුළු පැත්තේ මෙම මත් පෙති තොගය සඟවා තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය පෙත්තක් රුපියල් 5,000 ක් වැනි මිලකට නාගරික සමාජ ශාලා තුළ එහි පැමිණෙන තරුණයන්ට අලෙවි කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
මෙම පෙට්ටිය තුළ මත්ද්‍රව්‍ය පෙති 3050 ක් සඟවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය පෙති තොගය සමඟ ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයා ද අත් අඩංගුවට ගෙන රේගු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දී දේපල රජයට පවරාගත යුතුයි.
සමහරවිට පාර්සලය ගන්න අාවේ නියම අයිතිකරු නොවෙන්නට පුළුවනි. ගෝලයෙක් විය හැකිය.
අවජාතක සිංහලයෙක්ගේ වැඩක්...!!!