IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍යට වැට බදින්න යුද හමුදාව මෙහෙයුම් වැඩිකරයි

(ගයාන් සූරියආරච්චි)

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි මෙහෙයුම් වැඩි කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ඇතුළු සියලුම පාර්ශවවලට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාව පවසයි.

ඉකුත් වසරේ යුද හමුදාව රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සැකකරුවෝ 451 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යුද හමුදාව සිදුකළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040ක්, අයිස් කිලෝග්‍රෑම් 11 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 61කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 850 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර් 15000කට ආසන්න ප්‍රමාණයක් ද , විදේශීය මත්පැත් බෝතල් 68ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.

මීට අමතරව නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 7340කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

යුද හමුදාව රැස්කළ බුද්ධි තොරතුරුවලට අනුව  පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය සමඟ සිදුකළ වැටලීම්වලදී කොටහේන, මාලිගාවත්ත, කොල්ලුපිටිය, මීගමුව සහ වේල්ලවීදිය යන ප්‍රදේශවලදී  නීතිවිරෝධී දුම්වැටි 170,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම යාල රක්ෂිතය, උඩවලව ප්‍රදේශවලදී ගංජා කිලෝග්‍රෑම් 3459කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා පැළ 440,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.  



අදහස් (5)

මත්ද්‍රව්‍යට වැට බදින්න යුද හමුදාව මෙහෙයුම් වැඩිකරයි

බකල ජයා Thursday, 02 January 2025 07:24 PM

සිවිල් කාරණාවලට සන්නද්ධ හමුදාවල ක්‍රියාකාරී සහභාගීත්වය ගන්නවා කියන්නේ, පොලීසිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එකයි. ඉතින් තවදුරටත් ජනතා මුදලින් ඇයි අපි පොලීසිය නඩත්තු කරන්නේ...?

:       8       26

හසක Thursday, 02 January 2025 08:22 PM

නඩත්තු කරන්නේ පෙරහැර වල ආරක්ෂාවට.

:       7       16

බකල ජයාThursday, 02 January 2025 09:22 PM

හැබෑටම ඒක පොඩ්ඩක්වත් මතකෙට ආවෙ නෑනෙ! ස්තූතියි ඇං

:       5       13

නාමලී Friday, 03 January 2025 06:32 AM

පුලුවන් නම් බෙන්තොට ආශ්‍රිත ප්‍රදේශ වල මත්කුඩු නවත්වන්න. හරි කරදරයක් වෙලා තියෙන්නේ. අලුත්ගම, ඌරගස්මංහන්දිය, කොස්ගොඩල තුඩුව, වියන්දූව, හබුරුගල කුඩු වැහි වැහැලා. ජීවත් වෙන්න බෑ. මිනිස්සු ප්‍රදේශය අතහැර යන තත්ත්වයක් තියෙන්නේ. ගෑණු අයට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. රෑකට පිරිමි හිටියත් මරලා යන තත්ත්වයක් තියෙන්නේ. ඉස්කෝල ළමයි ගොඩක් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. වට්ස්ඇප් වගේ දේවල් වලින් කුඩු දාපු තැන යවනවා. ගෙවීම් කරන්නේ easy cash වගේ ක්‍රම වලින්. මේවා නිකම්ම අල්ලන්න පුලුවන්.

:       0       7

ලසා Friday, 03 January 2025 11:17 AM

අර මාධ්‍ය ආයතනය දැන් හතර අතේ ගහනවා මේ හින්දා. ඒ ගොල්ලන්ගේ බිස්නස් දැන් අඩුවෙමින් තියෙන්නේ. මල්ලි ගන්න එකත් බකල් වුණානේ...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site