
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා "කුෂ්" සහ ''හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ''හරිත මාවත" ( Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී ඊයේ (14) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය රූපලාවන්‍ය සැලූනයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවකි .
තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය ඊයේ මධ්‍යම රාත්‍රී 11.55 ට පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ " කුෂ්" සහ " හෂීෂ්'' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 22 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව මෙම කාන්තාව සහ රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
ඔවුන් මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (15) ඉදිරිපත් කර ලබන 22 දින දක්වා රදවා තබා ගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට අවසර ලබා ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd