.
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.
බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් කරන ලද මෙහෙයුමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය , විවිධ නම් වලින් යුත් ජාතික හැදුනුම් පත් හතරක්ද විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද,රියදුරු බලපත්‍රයක් උප්පැන්න සහතික දෙකක් , ග්‍රාම සේවක සහතිකයක් ද හමුවි තිබේ.
සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදී ඔහු රැදි සිටි නිවසින් පලාගොස් ඇති අතර පසුව පොලිස් නිළධාරින් කිලෝමිටරයක් පමණ දුර පන්නා ගෙනගොස් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විවිධ නම් වලින් විවිධ නම් සදහන් හැදුනුම් පත් භාවිත කර ඇති අතර, ඔහු යම් අපරාධයකට සම්බන්ධද පාතාලය සමඟ සබඳකම් පවත්වන්නේද යනන පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබෙනවා නම් ඕනෙම කෙනෙකුට ඕනේම නමකින් හැඳුනුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාම හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව, මේ නිකුත් කරන නිලධාරීන්ට විරුද්ධව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන නිසා වර්තමානෙත් මේවා සිදු වෙනවා...