(නිමන්ති රණසිංහ)

එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ‍ෙවල මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (12) අවසර ලබා දුන්නේය.

මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කළේ රේගු නිලධාරීන් දෙදෙනකු වන තිස්සමහාරාම පදිංචි නානායක්කාර පල්ලියගුරුගේ අශාන් ඉවන්ත සහ මාලඹේ පදිංචි යාමනගේ රොෂාන් සපුමල් යන අයවලුන්ටය.

මෙම සැකකරුවන් දෙදෙනා වරාය තුළ මත්ද්‍රව්‍ය ඡාවාරමේ නිරතවන බවට ලද තොරතුරකට අනුව චෛත්‍ය පාරේදී අත්අඩංගුවට ගත් බවත්, මොවුන් දෙදෙනා කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු නිලධාරීන් දෙදෙනකු බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.