IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත්  කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇත.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසලදී මත් මුද්දර කීපයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණයේදී සැකකරු මගින් මෙම ජාවාරමට හවුල් කල්ලිය පිළිබඳව ලබාගත් තොරතුරු මත ඉතිරි සැකකරුවන් සිව් දෙනාද සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය තොගය ද සමග අත්අඩංගුවටගත් බව  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පැවසීය.

 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site