IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

 මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි  ආදායමට වඩා අට ගුණයකින් එහි  වියදම   2023 වර්ෂයේ දි  වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 ඉකුත් වර්ෂයේ දි එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2412.9ක් වු අතර  ආදායම රුපියල් මිලියන 288කි.ඒ අනුව ගුවන්තොටුපලෙහි  ආදායමට වඩා වියදම අටගුණයකින් වැඩිවි ඇත.

 මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ ඉකුත් වර්ෂයේ දි රුපියල් මිලියන 2,124.1 ක පාඩුවක් ලබා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මත්තල ගුවන්තොටුපොළ ඉකුත් වසර හයක කාලය තුලදි (2018-2023)  බදු ගෙවිමෙන් පසු ලබා ඇති සමුච්චිත  ශද්ධ පාඩුව  රුපියල් මිලියන 38,489කි.

 මෙකි ගුවන්තොටුපළේ   අපේක්ෂිත වාර්ෂික මගි ධාරිතාවය   මිලියනයක් වුවද  පසුගිය වසර  හය තුළ  මුළු මගින් සංඛ්‍යාවක් 190ක් 750ක්  පමණ වු බව විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වසර හය තුල මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,182කි.

 ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා වැයකොට ඇති රුපියල් මිලියන 36,564ක මුදල පලදායි ලෙස භාවිතා කර නොතිබුණි.

 



අදහස් (8)

මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා

Dayasena Sunday, 24 November 2024 10:42 AM

එහි නම අයිතිකරුගේ අම්මගේ අප්පගේ බූදලයේ මුදලින් කරපු එකක් නොවෙයි, නූපන් දරුවෝ පවා උගසට තබා ගත් මුදලින් අනුන්ගේ අදහසකින් කරපු එකක්... එනිසා ජනතාවගේ දේපලක් පුද්ගලික එකක් වගේ පාවිච්චියට ඉඩක් දෙන්න බැහැ එහි නම එසේම තැබීමට අවශ්‍ය නම් රටට සිදුවන පාඩුව නම සඳහන් අයට හෝ උරුමක්කාරයින්ට ගෙවීමට නියම කරන්න...

:       4       32

Dewa Sunday, 24 November 2024 11:55 AM

අර උගන්ඩාවේ සල්ලි නැතෝ. අපි බේරපියෝ... කියන කෙනා මේකට මොකද කියන්නේ?

:       7       15

සිල්වා Sunday, 24 November 2024 01:06 PM

රාජපක්ෂ රෙජීමය කරපු මෙවැනි ව්‍යාපාර සියල්ල රටේ ආර්ථිකය බංකොළොත් කළා පමණක් නොව තවතවත් රට ගොඩ ඒමට නොහැකි තත්ත්වයට පත්කරයි. මෙම තත්ත්වය පාලනය කිරීමට විගණකාධිපති නිර්දේශය ද අවශ්‍යයි.

:       2       20

සිල්වා Sunday, 24 November 2024 01:18 PM

මේ ස්ථානය පළමුව ගුවන්තොටුපල ලෙස හැඳින්වීම නීතියෙන්ම ඉවත්කොට ඇතිවන පාඩුව නතරකළ යුතුයි. ඉතුරු හරියට රජයට ඕනෑම දෙයක් කරන්නට හැකියි.

:       1       11

de silva Sunday, 24 November 2024 07:17 PM

බොරුවට මහජන මුදල් නාස්ති කරන එක නවත්වලා දමලා දකුණේ ජාත්‍යන්තර ගුවන් තොටුපල කියන ලේබල් එක ගලවලා දමලා, ඕක ගුවන් හමුදා කඳවුරක් කරන්න... එහෙම කලොත් හදිසියකදී කටුනායකට ගුවන් යන බස්සවන්න බැරි තත්වයක් උදාවුන වෙලාවක මේකට ගුවන් යානා බස්සවන්න පුළුවන් , ඉදිරියේදී දකුණේ සංචාරක වියාපාරය ඇතුළු වෙනත් ව්‍යාපාර දියුණු වුණු දිනකදී අවශ්‍ය වුනොත් මේක නැවත විවෘත කරන්න පුළුවන්... බිස්නස් නැති නිසා මේක මිලදී ගන්න හෝ බදු ගන්න කවුරුවත් කැමති නැහැ...

:       1       9

ගමේ එකාලා Sunday, 24 November 2024 07:36 PM

දූෂිත පවුල් පාලනේ අය කිසිම වැඩකට නැති ගුවන් තොටුපොළක් හදලා මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කෙරුවා විතරක් නෙවෙයි, ඒකෙනුත් මහාපරිමාණයෙන් ගසාකපු එකයි සිද්ද වුනේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හොරු රටටම සාපයක්. ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා..!

:       1       10

වන්නකු Monday, 25 November 2024 06:16 AM

නම වෙනස් කරන්න එපා. අනාගත පරම්පරාව දැන ගත යුතුයි කවුද මෙිව කලේ කියල. නම වෙනස් කිරීම හැරුණම දි සිල්වා මහතාගේ අනික් අදහස හොදයි

:       1       0

visnu Monday, 25 November 2024 09:57 AM

එය ගුවන් හමුදා කඳවුරක් කරන්න. තවදුරටත් රාජ්‍යයට සිදුවන පාඩුව වළක්වන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site