
(ජේ.කේ.එල්. චාමින්ද)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ දි එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2412.9ක් වු අතර ආදායම රුපියල් මිලියන 288කි.ඒ අනුව ගුවන්තොටුපලෙහි ආදායමට වඩා වියදම අටගුණයකින් වැඩිවි ඇත.
මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ ඉකුත් වර්ෂයේ දි රුපියල් මිලියන 2,124.1 ක පාඩුවක් ලබා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මත්තල ගුවන්තොටුපොළ ඉකුත් වසර හයක කාලය තුලදි (2018-2023) බදු ගෙවිමෙන් පසු ලබා ඇති සමුච්චිත ශද්ධ පාඩුව රුපියල් මිලියන 38,489කි.
මෙකි ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගි ධාරිතාවය මිලියනයක් වුවද පසුගිය වසර හය තුළ මුළු මගින් සංඛ්‍යාවක් 190ක් 750ක් පමණ වු බව විගණන වාර්තාවේ සදහන් වේ. ඉකුත් වසර හය තුල මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,182කි.
ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා වැයකොට ඇති රුපියල් මිලියන 36,564ක මුදල පලදායි ලෙස භාවිතා කර නොතිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහි නම අයිතිකරුගේ අම්මගේ අප්පගේ බූදලයේ මුදලින් කරපු එකක් නොවෙයි, නූපන් දරුවෝ පවා උගසට තබා ගත් මුදලින් අනුන්ගේ අදහසකින් කරපු එකක්... එනිසා ජනතාවගේ දේපලක් පුද්ගලික එකක් වගේ පාවිච්චියට ඉඩක් දෙන්න බැහැ එහි නම එසේම තැබීමට අවශ්‍ය නම් රටට සිදුවන පාඩුව නම සඳහන් අයට හෝ උරුමක්කාරයින්ට ගෙවීමට නියම කරන්න...
අර උගන්ඩාවේ සල්ලි නැතෝ. අපි බේරපියෝ... කියන කෙනා මේකට මොකද කියන්නේ?
රාජපක්ෂ රෙජීමය කරපු මෙවැනි ව්‍යාපාර සියල්ල රටේ ආර්ථිකය බංකොළොත් කළා පමණක් නොව තවතවත් රට ගොඩ ඒමට නොහැකි තත්ත්වයට පත්කරයි. මෙම තත්ත්වය පාලනය කිරීමට විගණකාධිපති නිර්දේශය ද අවශ්‍යයි.
මේ ස්ථානය පළමුව ගුවන්තොටුපල ලෙස හැඳින්වීම නීතියෙන්ම ඉවත්කොට ඇතිවන පාඩුව නතරකළ යුතුයි. ඉතුරු හරියට රජයට ඕනෑම දෙයක් කරන්නට හැකියි.
බොරුවට මහජන මුදල් නාස්ති කරන එක නවත්වලා දමලා දකුණේ ජාත්‍යන්තර ගුවන් තොටුපල කියන ලේබල් එක ගලවලා දමලා, ඕක ගුවන් හමුදා කඳවුරක් කරන්න... එහෙම කලොත් හදිසියකදී කටුනායකට ගුවන් යන බස්සවන්න බැරි තත්වයක් උදාවුන වෙලාවක මේකට ගුවන් යානා බස්සවන්න පුළුවන් , ඉදිරියේදී දකුණේ සංචාරක වියාපාරය ඇතුළු වෙනත් ව්‍යාපාර දියුණු වුණු දිනකදී අවශ්‍ය වුනොත් මේක නැවත විවෘත කරන්න පුළුවන්... බිස්නස් නැති නිසා මේක මිලදී ගන්න හෝ බදු ගන්න කවුරුවත් කැමති නැහැ...
දූෂිත පවුල් පාලනේ අය කිසිම වැඩකට නැති ගුවන් තොටුපොළක් හදලා මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කෙරුවා විතරක් නෙවෙයි, ඒකෙනුත් මහාපරිමාණයෙන් ගසාකපු එකයි සිද්ද වුනේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හොරු රටටම සාපයක්. ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා..!
නම වෙනස් කරන්න එපා. අනාගත පරම්පරාව දැන ගත යුතුයි කවුද මෙිව කලේ කියල. නම වෙනස් කිරීම හැරුණම දි සිල්වා මහතාගේ අනික් අදහස හොදයි
එය ගුවන් හමුදා කඳවුරක් කරන්න. තවදුරටත් රාජ්‍යයට සිදුවන පාඩුව වළක්වන්න.