
(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ පරිශ්‍රයට වන අලි ආදී වන ජිවීන් වරින් වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියා කාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම් වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම් වලට ද බලපෑම් ඇති වී තිබේ.
එලෙස යටිතල පහසුකම් වලට සිදු වන හානි පිළිසකර කිරීමට සීමා සහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට දැරීමට සිදු වන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ වන බව ද හඳුනාගෙන ඇත. එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල් තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන් තොටුපොළෙහි යටිතල පහසුකම් වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන් තොටුපොළ මෙහෙයුම් වල සිදු විය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විශේෂිත වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල කියන්නේ කිසිම ආරථික හෝ පාරිසරික ශාඛ්‍යතාවක් නොමැතිව කල් ව්‍යාපෘතියක්. මේ ප්‍රදේශයේ අලින්, මොනරුන් සහ වෙනත් පක්ෂීන් ගහනයි. ඒ නිසා එක හරියටම පාලනය කරන්න පුළුවන් නම් ඔය ආයතනය ස්ථාපිත කළාට කමක් නෑ. මත්තල ගුවන් තොටුපල සුදු අලියෙක් වගේම ඔය ආයතනය සුදු අලියෙක් නොවේවා...
මේ මොකද දන්නවාද? ගුවන් තොටුපොලක් ඉදි නොකල යුතු පරිසර පද්ධතියක් ඉදි කරාම වෙන දේ තමයි මෙි වෙලා තියෙන්නෙ. දේශපාලුවන්ගේ ඕනෑ එපා කම්ට වැඩ කරල රටට කරල තියන විනාසය පිලිබිඹු කරන අවස්ථාවක් තමයි මේක.
ඔය ගුවන් තොටුපල ඉදි කරන්න වියදම් කල මුදලට වැඩි මුදලක් මේ වෙනකම් ඒක නඩත්තු කරන්න වියදම් කරලා ,ඕක අලි ඉන්න වනාන්තරයක් නිකන් බොරුවට මහජන මුදල් නාස්ති කරන්නේ නැතිව කරුණාකර ඔය ගුවන්තොටුපල වහලා දමන්න , එහෙම නැතිනම් ඕක ගුවන් හමුදාවට භාර දෙන්න , ඔය ගුවන්තොටුපලට ගුවන් මගීන්ට වැඩිය එන්නේ අලි , ඕකේ හිස් වෙලා තිබුන හැන්ගර් වල කාලයක් වී හරි ගබඩා කලා ,