(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙල මහතා නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (82151) සමීර මදුෂංඛ දිසානායක, බත්තරමුල්ලේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලකු වන කොඩිතුවක්කු ආරච්චිගේ නිශ්ශංක සහ පාර්ලිමේන්තු මුලුතැන්ගෙයි කෝකියකු වූ මාළඹේ පදිංචි පැලෑන පතිරනගේ ධනුෂ්ක සංජීව ඩයස් යන අයවලුන්ය.
මෙම සැකකරුවන් තිදෙනාම තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් අයිස් මිලදීගැනීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් මෙම නිවස කොල්ලකෑ බවට කරුණු අනාවරණය වන බවත් වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙමම සැකකරුවන් තිදෙනා මීතොටුමුල්ල ප්‍රදේශයේ එම නිවසට ගොස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවසේ තිබූ රිදී මුදු04ක් සහ රුපියල් 10,000ක මුදලක් කොල්ල කා ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීතොටුම්ල්ල නිවසක් කැඩූ කොස්තාපල් ඇතුළු 3ක් රිමාන්ඩ්
ravin Monday, 12 December 2022 07:12 PM
කොස්තාපල් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ගොල්ලන්ට කියන්නේ රණවිරුවන් කියලනේ...