(ලක්මි කුඩලිගම)
මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මතුගම කළුතර මාර්ගයේ වැල්කන්දල හංදියේදී යතුරු පැදියක් බස් රථයයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ මතුගම අළුත්ගම මාර්ගයේ අළුත්ගම සිට මතුගම දෙසට ධාවණය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් බදුගම හන්දිය අසල නවතා තිබු ලොරි රථයක පටවා තිබු ලී කොටයක ත්‍රිරෝද රථය ගැටීමෙන් බව පොලිසිය කියයි.
යතුරු පැදි අනතුරෙන් මියගොස් ඇත්තේ පැදිකරු වන වැල්කන්දල හංදිය, පාන්තිය, මතුගම යන ලිපිනයේ පදිංචි පල්ලිගොඩ විතානගේ ශාන්ත කමල් (අවු.58) යන අය වන අතර ත්‍රී රෝද රථ ලොරි රථ අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ ගලබඩයා ගෙදරවත්ත ඕවිටිගල මතුගම පදිංචි ළමා හේවගේ සුගත්(අවු 49) යන අයවලුන්ය
මෙම අනතුරුවලින් බරපතල තුවාල ලබා දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරු සම්බන්ධයෙන් බස් රථය පැදවු රියදුරු සහ ලොරි රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශය අනතුරු පිළිබඳව පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට