
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග දෙමස්සිනාලා කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 11 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා එකම නිවසක පදිංචිව සිටින අතර පරවියන් සහ සුරතල් මසුන් විකුණන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කාලෙක සිට සිදුකරගෙන ගොස් ඇති බවත් බුද්ධි නිලධාරීන්ට ගම්වාසීන් ලබාදුන් සාර්ථක තොරතුරක් අනුව වැටලීම සිදු කළ බවත් පොලිසිය කියයි.
ඉකුත් කාලය පුරා මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් වසමේ ආරක්ෂක කමිටු රැස්වීම් අමතමින් ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සමාජයට පිළිලයක් වී තිබෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනාට එරෙහිව මීට පෙරද හොරෙයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd