
(චමිලා අල්විස්)
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කණන්විල මාතෘ හා ළමා සායනයේ පිටුපස දොරටුව කඩා ඇතුළු වූ නොහඳුනන පුද්ගලයන් පිරිසක් එහි තිබූ නාන කාමර උපාංග කට්ටලයක් ඇතුළු භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳ පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මීට පෙරද මෙම මාතෘ හා ළමා සායනයට කඩා වැදී සොරකමක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියමිත අතර, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශනද පරීක්ෂාවට ලක් කරමින් විමර්ශන සිදුකරයි.
හොරණ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති රංග දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ආරක්ෂක නිලධාරීන් ඉන්නවානේ. මේකේ කොහොමද දන්නේ නැහැ. සමහර තැන්වල ආරක්ෂාවට ඉන්න අයගේ සහයෝගය ඇතිව තමයි මෙවැනි සොරකම් සිදුවෙන්නේ. 50ට 50 බෙදාගන්න තමයි සොරකම් සැලසුම් කරන්නේ.