(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
එම ඖෂධ හලේ තිබී මත් පෙති දහදහකට (10000) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධ හලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරට අනුව උපාය දූතයක් දෙදෙනකු ලවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එක්ව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියහැකි ඉහළම දඬුවම් ඇයට ලබා දෙන්න. එමෙන්ම ඇයගේ ෆාමසි බලපත්‍රය අවලංගු කර දමන්න.