IMG-LOGO

මුතු මැණික් කැටයම් ජනවාරියේ ලොවට පෙන්වයි

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන ජනවාරි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.

මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍රර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සහයෝගය පළ කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වැදගත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා තිබෙන ඉල්ලුම මෙන්ම දිනාගෙන තිබෙන ජනප්‍රිය භාවය තව දුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණක් බව ද ඔහු සඳහන් කරයි.



අදහස් (0)

මුතු මැණික් කැටයම් ජනවාරියේ ලොවට පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site