(දසුන් රාජපක්ෂ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 30ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ එම ගිණුම තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
වසරක පමණ කාලයක සිට අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට අසීමිත ලෙස මුදල් සංසරණය වීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මිනුවන්ගොඩ පොලිසියට කැඳවූ එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
එම පුද්ගලයා ගෙන් ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම මගින් සිය ගිණුමට මුදල් තැන්පත් වී ඇති බවට ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බව අනාවරණය වී තිබුණි .
එම පාපොච්චාරණයේ දී විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග කළ ගනුදෙනු වලින් මෙම මුදල් ලැබුණු බව එම පුද්ගලයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණු බව පොලිස් මූලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගිණුම්වල මුදල්වලට මොකද වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද දැනුවත් වීම සඳහා...
ඔන්න.. දැන් දැන් වැඩේ හරියට කෙරීගෙන යනවා. අපට දේශපාලනයෙන් වැඩක් නැහැ. ඇත්තටම ජනපතිතුමාට මේ වැඩේ හොඳට කරනවාට ස්තූතියි!!! සියලු නිලධාරීන්ටත් ස්තූතියි !!!
දැන් කෙරෙන දෙයක් නැහැ. දැන් තමයි කුඩු කන්ටේනර් පිටින් ලංකාවට එන්නේ.. ටොන් ගණන් කුඩු විටින්විට අහුවෙන එකෙන්ම පැහැදිලි වෙනවා. අහුනොවී තියෙන කුඩු ප්‍රමාණය තව කොච්චරක් වෙන්න පුළුවන්ද? කුඩු සම්බන්ධව පැහැදිලි විරෝධයක් දක්වපු සහ එඩිතරව ක්‍රියාකළ එකම නායකයා තමයි අපේ සිරිසේන මහත්මයා. එතුමාට ජයවේවා..!!!
කුඩු ගේන්වන අය පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නවා කියන එක මේ රටේ ප්‍රසිද්ද රහසක්නේ.