
(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇමතීමෙන් මහජනතාවට ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙත ලබා දීමට හැකි බව රජය නිවේදනය කරයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුම හා සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට "රටම එකට" ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරා ක්‍රියාත්මක වේ.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, විෂ මත්ද්‍රව්‍ය බෙදා හැරීම් හෝ ඒ ආශ්රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇතැයි රජය සඳහන් කරයි.
දැනුම් දෙන තැනැත්තන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd