
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමැතිවරුන් හත් දෙනකු සහ දේශපාලඥයන්ගේ ඥාතීන් 149 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
එසේම අල්ලස් හා දූෂණ චෝදනා මත රාජ්‍ය නිලධාරින් 100 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඇය ප්‍රකාශ කළාය.
අගමැතිවරිය මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මිනිසුන් කෙඳිරි ගාන එක නැවැත්විය නොහැකි බවත් කෙඳිරි ගෑවත් නැතත් නීතිය ක්‍රියාත්මක වන බවත් ඇය කීවාය.
රජයට පළිගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අගමැතිවරිය පැවසුවාය. ජනතාව ජනවරම දුන්නේ හොරු ඇල්ලීමට බවත් රජය එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් හරිනී අමරසූරිය මෙනවිය පැවසුවාය
වැරදි නොකර හිටියා නම් කෙඳිරි ගෑමට අවශ්‍ය නැතැයිද ඇය කීවාය. අල්ලස් කොමිසමට රජය කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ඒ අයට නිදහසේ කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකස් කරදී ඇති බවත් අගමැතිවරිය සදහන් කළාය
අගමැතිවරිය මෙසේද පැවසුවාය.
86 දෙනෙකු අල්ලස් චෝදනා මත 2024 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 34 දෙනෙකු 2025 ජුනි මස 30 දිනට අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණ චෝදනා මත 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශපාලනඥයන් හිටපු දේශපාලනඥයන් දූෂණ චෝදනා මත 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. . රාජ්‍ය නිලධාරීන් හිටපු රාජ්‍ය නිලධාරීන් 2024 වර්ෂයේ දී අල්ලස් චෝදනා මත 58 දෙනෙකු අල්ලලා තිබෙනවා. 2025 ජුනි 30 දිනවට අල්ලස් චෝදනා මත 28යි. දූෂණ චෝදනා මත 14යි. එකතුව 42යි.
සිවිල් පුද්ගලයන් 2024 දී 28 දෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 ජුනි මස 30 දිනට අල්ලස් චෝදනා මත හයයි. දූෂණ චෝදනා මත තුනයි. එකතුව නවයයි.
දේශපාලනඥයන්ගේ ඥාතීන් 2025 ජුනි 30 දිනට අදාලව දූෂණ චෝදනා මත පහයි. 2024 වර්ෂයේදී අල්ලස් චෝදනා මත අසූහයයි.2025 වර්ෂයේදී අල්ලස් චෝදනා මත 34යි. දූෂණ චෝදනා මත 29යි. සම්පූර්ණ එකතුව 63යි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැති ඇමැති 7ක් :ඇමැති ඥාතී 149 ක් අල්ලසට කොටු
Bunny Preena Thursday, 07 August 2025 04:36 PM
මළ කෙලියයි . කාපුවා වමාරන්න වෙයි වගේ.