IMG-LOGO

මොණරාගල අඩු ආදායම්ලාභීන්ට කෝටි 28 ක ණය ආධාර

(කේෂර ගුණතිලක)

මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් 50,724 ක් සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට පියවර ගත් බැව් මොනරාගල දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් වෙනුවෙන් බෙදාදෙන ලද මුදල රුපියල්  25,362,000 කි.

මීට අමතරව දුෂ්කරතාවට පත්ව සිටින පවුල් වෙනුවෙන් රුපියල් 5,000 මුල් වාරිකය ගෙවීමට පමණක් රජය මඟින් රුපියල් 28,86,20,000 ක් (විසිඅට කෝටි අසූහයලක්ෂ විසිදහසක්) වැයකර ඇත.

කොවිඩ් 19 වසංගත රෝගය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා පීඩාවට පත්වන සමෘධි පවුලක් සඳහා පොලී රහිත ණය මුදලක් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කැර තිබිණි.

මෙම මුදල මෙම පවුල් වෙත දීමට බලාපොරොත්තු වන ණය මුදලින් හරි අඩකි.
එහි පළමු වාරිකය ලෙස රුපියල් 5000 බැගින් ලබාදීමට මෙසේ පියවර ගෙන තිබිණි.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමෘද්ධිලාභීන්ගේ නිවෙස් වලටම ගොස් මෙම මුදල ලබාදෙන අතර ඉතිරි රුපියල් 5000 පසුව ලබාදීමට නියමිතය.

තවද දිස්ත්‍රික්ක තුළ අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභී නොවන පවුල් 28,357 ක සිටින බවට තොරතුරු අනාවරණයවී තිබෙන අතර ඔවුන්ටද මෙම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ අවධානය යොමුකැර ඇතැයි දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව දැනට ආධාර ලබන වකුගඩු රෝගීන් 1,135 දෙනෙකුටද සහ පොරොත්තු ලේඛනයේ සිටින 584 දෙනෙකුටත්,දැනට ආධාර ලබන ආබාධිතයින් පුද්ගලයින් 2,219 දෙනෙකුටත් පොරොත්තු ලේඛනයේ සිටින 1230 දෙනෙකුටත්,වැඩිහිටි පුද්ගලයින්11,230 දෙනෙකුටත් රුපියල් 5000 බැගින් බෙදාදීමට නියමිතය.

මීට අමතරව ගැබිනි මව්වරුන්ට සහ මව් කිරි ලබාදෙන මව්වරුන්ට රුපියල් 2,000 ක පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබාදීමටත්  කටයුතු යොදා ඇත.



අදහස් (0)

මොණරාගල අඩු ආදායම්ලාභීන්ට කෝටි 28 ක ණය ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 143 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site