
(අජන්ත කුමාර අගලකඩ)
විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ලබාගැනීම වෙනුවෙන් මෙම හිඟ මුදල ගෙවීමට නියමිතව තිබිණි.
මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බැවින් ,එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඉකුත්දා ලබා දී තිබිණි.
විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර ,විදුලි පාරිභෝගිකයන්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4,400 ඉක්මවා ගොස් ඇත.
මේ අතර , මණ්ඩලය රාජ්‍ය බංකු දෙක සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 8,900 ඉක්මවා ඇත.
මණ්ඩලය ඉකුත් වසරේ ලබා ඇති අලාභය රුපියල් කෝටි 8,200 ක් පමණ වන බව විදුලිබල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩුලබන ආයතනවල නිලධාරින්ගේ සහ සේවකයින්ගේ වැටුපට අමතරව ලබාදෙන දීමනා නවතා දමන්න. එම ආයතන පාලනය කිරීම සඳහා රඹුටන් කැඩූ අය වෙනුවට ඒ සඳහා පුළුල් දැක්මක් සහිත සුදුසුකම් ඇති අයවලුන් පමණක් පත් කරන්න. දීමනා හෝ වැටුප් වර්ධක ලබා දෙන්නේ ආයතනය ලාභ ලබන මට්ටමට පැමිණියහොත් පමණක් බව ඔවුන්ව දැනුවත් කරන්න. දැන් සිදුවන්නේ පාඩු ලැබූවත් ඔවුන්ගේ කොටස කලට වේලාවට ලැබෙන බැවින් ලාභ ලබන මට්ටමට ගෙනඒමට කටයුතු නොකිරීමයි.
අපි තව තවත් මේ වගේ පාඩු ලබන ආයතනවල කාර්ය මණ්ඩලයට යහමින් වැටුප්, දීමනා සහ බෝනස් ගෙවමු.
ඔතන පාරිභෝගිකයින්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4, 400. මෙම පාරිභෝගිකයින් අතරේ රට ගොඩනගන්න ඇමැති කෙහෙළිය සහ ඇමති ඩග්ලස් දේවානන්දත් අඩංගුයි. ඕවා ගෙවන්නේත් මහජන මුදලින්. අන්න දැන් කෙලින් වැඩ කරන නායකයෙක් ඉන්න රට...