
(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යා 22000 ක් පමණ වන අතර ඉන් 20 000 ක් පමණ පිරිසක් අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ලිපි ලබාදී ඇතැයිද එම මණ්ඩලය ආරංචි මාර්ග කියයි.
විදුලි ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරි දිනකදී අහෝසි කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් පිහිටුවන ලද සමාගම් හතරට සේවකයන් අනුයුක්ත කර තිබේ.
ඒ අනුව නව සමාගම් යටතේ සේවය කරන්නේද එසේත් නැතිනම් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන්නේද යන්න තීරණය කිරීම සඳහා සේවකයන්ට ලබා දී තිබූ කාලය අදින් නිමාවට පත්විය.
ඒ අනුව ආරංචි මා ර් ග සඳහන් කළේ සේවකයන් 2000 ක් පමණ වන්දි ලබා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමැත්ත පළ කර තිබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදහක් අලි වන්දියක් දීලා යවනවා අනෙක් ආණ්ඩුව ලක්ෂයක් බඳවා ගෙන ඡන්ද මංකොල්ල කාලා රට ප්‍රපාතයටම ඇද දමනවා!
අයියෝ මෙන්න විපක්ෂයට එල්ලෙන්න තිබුණ තවත් වැලක් කැඩුන, සේරම බලාගෙන හිටියෙ රටම අඳුරෙ තියල කළුවරේම රජය එලවල පුටු අයිතිකරගන්න. පව් ඒ හීනයත් ඉවරයි. වැලිගම නාඩගමත් ඉවරයි. ඒතනද ගලේ පැහැරපු බළලට වෙචිච දේ උනේ.
මේ හොර ගුහාව සුද්ද කරන්න හැම ආණ්ඩුවක්ම උත්සහා කළා. රනිල් මහතාගේ පාලනය කාලේ පටන්ගත් ක්‍රියාව එලෙසම ගෙනයෑම හොඳ දෙයක්.
දොලොස් දහසක් අයින් කරන්න නොවේද බලාගෙන හිටියේ? ඉතින් තව අතිරික්ත දස දහසක පඩි ගන්න අපි බීල් ගෙවන්න ඕනෑ කියලාද කියන්නේ...