(වසන්ත චන්ද්‍රපාල)

ඓතිහාසික මාණික්කමඩු විහාරස්ථානයේ කැණිම් වලදි ද්විත්ව චෛත්‍යක කොටස් මතුව ඇති බව නැගෙනහිර පුරා විද්‍යා අධ්‍යක්ෂක පුරාවිද්‍යා දෙපාරේමේන්තුවේ සහකාර කැණිම් අධ්‍යක්ෂ අනුෂාන් මුණසිංහ මහතා පැවසිය.

නැගෙනහිර පළාතේ කරන ලද කැණිම්වලදි එවැනි චෛත්‍යක් හමුවු මුල් අවස්ථාව මෙය බවද සහකාර අධ්‍යක්කවරයා පැවසිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන 'උරුම ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ - උරුමයට ජීවයක්' කියන වැඩසටහන් මාලාවට අනුව අම්පාර මානික්කමඩු පුරාණ රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු පසුගියදා ආරම්භ විය .

අම්පාර එරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මානික්කමඩුව විහාරස්ථානයේ ඉපැරැනි පුරාවිද්‍යා වටිනාකමක් ඇති චෛත්‍යෙය් සංරක්ෂණ කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබිය.

අරන්තලාවේදි අපවත්වු හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර නාහිමියන් විසින් 1970 වසරේ ආරම්භ කළ මෙම විහාරය පසුව ඇතිවු යුධමය තත්වය නිසා හිමි නමකට වාසය කිරිමට නොහැකි තත්වයක් උදාවිය.පසුව එය වල්බිහිවෙමින් පැවැතියේය.

උතුරු නැගෙනහිර දෙපලාතේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර විද්‍යානන්ද පිරිවෙණ් අධ්‍යක්ෂ, අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ණාධිපති කිරිදිවැල සෝමරතන හිමියන් සහ අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි , අම්පාර පුරා විද්‍යා අධ්‍යක්ෂ අනුෂාන් මුණසිංහ ,අම්පාර ගුවන්හමුදා කදවුරේ අණදෙන නිළදාරි ගෘෘප් කපිතාන් ප්‍රසාද් ඇලේක්සෙන්ඩර් යන් මහත්වරුන් විසින් මුල් ගල් තබා සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.