
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිදන් ලබා ගැනීමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහිදුපුර පදිංචි 61 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල, කිරිමැටියාව, පදවිය යන ප්‍රදේශවල පදිංචි වයස 26 ත් 35ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
තමන් පදිංචි නිවසේ පොළොව යට වටිනා මැණිකක් තිබෙන බවට මෙම නිවස හිමි කාන්තාවට කට්ටඩියෙකු පැවසීම හේතුවෙන් නිවෙස් හිමි කන්තාව විසින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් තිදෙනා සමඟ දින කිහිපයක් තිස්සේ නිවසේ මුළුතැන්ගෙයි සිට බිත්තිය යට දක්වා විශාල මුදලක් වැය කරමින් මැණික ලබාගැනීම සඳහා කැණිම් කොට ඇති බව පොලිසිය කියයි.
නිවසයට පිහිටි පොලොව හාරා ඉන් ලබාගත් පස් කුස්සිය තුළ ගෙඩගසා තිබූ බවද පොලිසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් ඊයේ(02) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණිකක් හොයන්න නිවෙසෙ කැණීම් කරලා
රුවන් Friday, 03 January 2025 12:51 PM
මහින්ද මහත්තයා වෙන්න ඇති...!
Hashan Sunday, 05 January 2025 12:36 PM
දෙයියෝ සාක්කි...!