IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්

(ප්‍රසාද් රුක්මල්) 

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර ,වර්ෂාවත් සමඟ මේ වනවිටත් පස්කදු මාර්ගයට කඩා වැටෙමින් පවතින බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී දිසානායක මහතා පැවසීය .

එම පස්කදු කඩා වැටෙන ස්ථානයේ මාර්ගයට කඩා වැටී මේ අනතුරුදායක ලෙස විශාල ගල්පර්වතයක්ද තිබෙන බව පොලිසිය සදහන් කළේය .

කෙසේ වෙතත් මාර්ගය ට කඩා වැටී ඇති විශාල පස්කන්ද ඉවත් කිරිමට අපහසු බවත්, පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් පස්කදු කඩා වැටෙන හෙයින් එම ඉවත් කිරිමේ කටයුතු සිදු කිරීමට බාධාවක් වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .

මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගය වෙනුවට මැටිගහතැන්න අම්බලම හරහා ලුනුගල පස්සර මාර්ගය භාවිතා කරන්නැයි මඩොල්සිම පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි .



අදහස් (0)

මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site