(අංජුල මහික වීරරත්න)
මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද (12) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ අයිතිකරුවන් දිගින් දිගටම පසුගියදා කළ ආකාරයේ ජනවර්ග සහ ආගමික කොටස් අතර අසමගිය ඇතිවන සුළු ප්‍රකාශ ප්‍රචාරය කරන්නේ නම්, විශ්වවිද්‍යාල පනතේ 70 F වගන්තිය යටතේ එකී හිමිකරුවන් විසින් පාලනය කරනු ලබන උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගත හැකිදැයි සොයා බලන ලෙස මෙහිදී නීතිපතිවරයා විමසා ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (11) සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදීද නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි. ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය.
"අප කටයුතු කළ යුත්තේ, ශ්‍රී ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැගෙනහිර අරම්භ කිරීමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා" යැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමනි, මෙය කළ හැකි නම් විශිෂ්ඨ තීරණයක්. මේ ආයතනය සයිටම් එකක් කරන්න සියලු ඉඩකඩ දීලා අවුල් කළේ මහින්දගේ රජයෙන්.. එහෙම කරපු මිනිස්සු අද බලයට ඇති මළ පෙරේතකම නිසා උන්ම කරපුවා උන්ම අවුලුවනවා. මේවට විරුද්ධව අද උපවාස කරපු අද එදා ආණ්ඩුවේ ඉඳලා බිහිරන් වගේ හිටියා.
ජාතිවාදී කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදුවන්නේ විශාල හානියක් බවත් එහිදී ඔහු පැවසීය. "අප කටයුතු කළ යුත්තේ, ශ්‍රී ලංකිකයින් වශයෙන් සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි. එම රජයට පවරා ගන්නා ආයතනය සියලු ජාතීන්වල ශ්‍රි ලංකික සහ විදේශීය සිසුන්ට තාක්ෂණික හෝ "IT " පුහුණු ආයතනයක් බවට පත් කළහොත් සෑම ජාතියකටම අයත් සිසුන්ට පොදු "පරිගණක විද්‍යාව " ඉගෙනීමට හැකියාවක් පවතී. හිස්බුල්ලාගේ හිස් කතාවක්ද නොඑසේනම් එය හිතාමතාම කරනලද කතාවක්ද කියා කිසියම් හෝ මුස්ලිම් නායකයකු මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැත.
කමිටුවක් දාන්නේ නැතිද?
ජනතාව මුලා නොකර මේ වගේ සෘජු තීන්දු ගන්නවානම් නායකත්වයට හොදයි
කාදිනල් හිමිනම් කියනවා මේක අනාගමික වෙන්න ඕනේ නෑ කියලා එත් මුස්ලිම් අය කෝ දැන් ?