IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩු රක්ෂිතයේ හෙක්:57 ක් ජනතාවට

(යොහාන් භාසුර)

මඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක් ප්‍රදේශයක් ගැසට් නිවේදනයක් හරහා  ජනතාව මුදාහැරි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියේ පැවසීය.

එම ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මේ පියවර ගත් බවත් එම ඉඩම් කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් ජනතාව වගා කළ ඒවා බවත් එම නිලධාරියා කීය.



අදහස් (5)

මඩු රක්ෂිතයේ හෙක්:57 ක් ජනතාවට

Ruwanthika Sewwandi Wednesday, 30 August 2023 07:20 PM

ලංකාවේ වන ඝනත්වය ඉතාම අවදානම් මට්ටමක තියෙන්නේ .අලි මිනිස් ගැටුම තියෙන රටවල් අතර ලොකෙන්ම දෙවනි තැන .සතුන්ට නිජ භූමි අහිමි වෙලා .ලෝකෙ වැඩි අලි මරණ වාර්තා වෙන රට . දවස ගානෙ අලියා ගානෙ මැරෙනවා.බලයට තියෙන කෑදර කමට පාලකයො මෙහෙම කරන්න හොද නැ. ලංකාව දේශපාලුවන්ගෙ භූදලයක් නෙවෙයි .

:       0       13

කිරිපුතා Wednesday, 30 August 2023 07:29 PM

ඔව් ඔව්. ඡන්දෙ බලාගෙන රක්ෂිත දෙමු. ඊට පස්සේ මෙයාලා ගෙදර යයි. රට තමයි කාන්තාර වෙන්නෙ

:       0       10

ලුම්බිණි Thursday, 31 August 2023 05:30 AM

ඉතුරු වෙලා තියෙන කැලේ ටිකත් කොහොම හරි ඉවර කරන්න. වන රක්ෂණය කරන හැටි නම් නියමයි.

:       0       9

wedage Thursday, 31 August 2023 09:57 AM

රක්ෂිතයේ ඉඩම් මහජනයාට දෙන්න මෙම නිලධාරියා කවුද ? ඔහුට බලය පවරා ඇත්තේද? වනසතුන් ගෙන් වන හානි වලට වගකියන්නේ කවුද

:       0       9

Dilini Hettiarachchi Thursday, 31 August 2023 10:06 AM

2012 වර්ෂයේදී මන්නාරම මඩු රක්ෂිතය රක්ෂිත භූමියක් බවට නම් කර ඇති නමුත් මේ වන විට වන විට අක්කර ගණනාවක් එළිපෙහෙළි කර ඇත. මිනිස් ජනාවාස සඳහා ඉඩම් ලබාදීම අවශ්‍ය නමුත් රක්ෂිත එළි පෙහෙළි කර ඉඩම් ලබාදීම කිසිසේත්ම සුදුසු නොවේ . ඉන් සිදුවන්නේ වසර ගණනාවක් තිස්සේ තම වාසභූමිය කරගෙන ඇති සත්ව නිජබිම් අහිමි වී යාම හා ශාක විශේෂ වඳ වී යාමයි. ලෝකයේ අලි ඇතුන් ගාතනය අතින් අංක 1 ස්ථානයත්, පරිසර විනාශය අතින් හතරවන 4 වන ස්ථානයක් ලබාගෙන ඇති ලංකාවට මේ වන විට නැවත නැවතත් සිතිය යුතු කාලය එළඹ ඇත. අපේ පරම්පරාව විතරක් නෙමෙයි මින් මතු පරම්පරාවට ද අප මෙම පරිසරය සුරැකිය යුතුය. අනාගතයට වැරදි පූර්වාදර්ශයක් ලබාදීමෙන් සිදුවන්නේ ලංකාව ජීවත්වීමට නොහැකි තැනකට ඇද දැමීමයි. වැඩිදුර කරුණු කාරණා අවශ්‍ය නෑ. මෙවර නියං කාලගුණය හේතුවෙන් මිනිසා පමණක් නොව සතුන් ද බොහෝ පීඩාවට පත්වූ බව ඔබ අප සියළු දෙනාම දන්නා කරුණකි. මිනිස් ජනාවාස ලබාදීමට කැලෑ එළි පෙහෙළි කිරීමට වැරදි පූර්වාදර්ශයක් දුන් ප්‍රාදේශීය ලේකම්වරිය ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් වඩා උචිතය. මඩු රක්ෂිතය රක්ෂිතයක් ලෙස ම නම් කරන ලෙස ඉල්ලා සිටිමි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site