(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීටරයක් වත් දාගන්න විදුලිබල මණ්ඩලයට අද බඩු නැතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කුරුණෑගල පොල් කර්මාන්තය ආශ්‍රිතව අලුත් කම්හල් ඉදිවෙමින් තිබෙන බවද ඔවුන්ට විදුලිය ගැනීම සඳහා ලක්ෂ 40 ක් 50 ක් බැඳ විදුලිය ගන්න බලාගෙන ඉන්න සිදුවී තිබෙන බවද දයාසිරි ජයසේකර මහතා කීය.
විදුලිබල මණ්ඩලයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස කීපයකට පෙර දවසක් පත්තරේක පිළියන්දල පැත්තේ අවසන් කල විශාල විදුලිය ව්‍යාපෘතියක් ගැන කිව්වා. ඒකෙ විදුලිය ආපසු යනවා කියලා කිව්වා. එහෙම නාස්ති වෙන ආකාරයට විදෙස් ආධාර අනුව කටයුතු කලාම මුදල් කොයින්ද? අනෙක දේශපාලුවො රජයේ සංස්ථා මණ්ඩල රාජ්‍ය ආයතන මණ්ඩලයේ ලොක්කො විදුලි බිල් ගෙවන්නෙ නැතුවත් ඇති. බලන්න කෙනෙකුත් නැතුව ඇති. ඉතින් මණ්ඩලයේ සල්ලි කොයින්ද පුළුවන් නම් මේ කියපු කණ්ඩායම් වල බිල් සදහා කොපමණ හිගයක් තියේද කියන්න.