
(දිනෙෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි සොහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය
වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයක් නිමවී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසට වාහනයකින් යමින් සිටියදී කඹුරාපොල බුත්ගමු ඔයේ පාලමේ වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව ඔයට ඇදවැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක පලකරති.
පොලිසිට එම ස්ථානයට යනවිටත් ඔයට ඇදවැටී තිබූ මෝටර් රථය එහි ගමන්ගත් දෙදෙනාද සමගින් ඔය මධ්‍යයේ ජලයේ ගිලී තිබී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 7ට පමණ ප්‍රදේශවාසීන්ගේ සහයද සහිතව ගොඩට ගැනීමට කටයුතු කළහ.
ගොඩ ගන්නාවිටත් එම රියේ ගමන්ගත් සහෝදරයන් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මෘත දේහයන් වහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පෙර මම අහල තියෙනවා පියා සහ පුතා පමණක්, සහෝදරයින් දෙදෙනෙක් පමණක් අලුත විවාහයට පත්වූ යුවල පමණක් එක මග එකට ගමනක් නොයා යුතුයි... කියලා. එහෙම කියලා තිබුනේ සමාජය දැනට වඩා බොහෝම නොදියුණු මිනිස්සු හිටපු කාලයේ තමයි. එම පැරණි අදහසේ වරදක් නැහැ නේද කියලා සිතා බලන්න...
සිය ආයුෂ කෙටි වූ හැටි. කර්මය එක්ක සෙල්ලම් කරන්න බෑ. සුගතියක ඉපදේවා...!
ඊයේ Discover එකක් ගිනි ගත්තා.. අද V8 එකක් පෙරලිලා ජීවිත් දෙකක් නැතිවෙලා. පදින වාහනේ ගැන නොව, කරන පින් පව් ගැන දෙපාරක් හිතන්න.!
නිදිමතේ වාහන එළෙව්වොත් ඔහොම වෙනවා. අපරාදේ රටට වැඩදායී තරුණ ජීවිත දෙකක්.