IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට

(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ  ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක්  තහවුරු කළේය.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව  පවසමින්  ඊයේ 15 දහවල් නිවෙසින් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර  දුරකථනය ක්‍රියා විරහිත වීම නිසා බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව දන්වා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත  අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබියදී  සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව  වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක තිබූ බව පොලිසිය කියයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කිසියම් පිරිසක් එක්ව සභාපතවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස කූර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (5)

මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට

ranjith Friday, 16 December 2022 03:53 AM

හොඳට තිබුණු රටකට උන වැඩක්

:       0       5

Shaf Friday, 16 December 2022 04:27 AM

මට නම් ඔහුගේ බිරිඳව තමා සැක

:       12       3

ලුම්බිණි Friday, 16 December 2022 05:08 AM

ණය දුන්නම නෑදෑයෝ යාළුවො විතරක් නොවෙයි අද කාලේ ජීවිතෙත් නැතිවෙනවා. හරිම කනගාටුදායකයි.

:       0       6

C.K.Lankaputhra Friday, 16 December 2022 05:23 AM

මේ රට මගෙ රට මගේම මව් රට හැදෙන වැඩෙන රට මා ඉපදුන රට. මං මොකට උපන්නද දං නෑ.

:       0       7

Nikil Friday, 16 December 2022 08:43 AM

මා නොවන මම

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site