
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවාවලට අදාල කටයුතු ඩිජිටල්කරණය කිරීමට ලබන වසරේ අයවැයෙන් ද මුදල් වෙන්කර නොතිබීමෙන් එම ක්‍රියාවලිය තව දුරටත් කල්යන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධායෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙහිදී ප්‍රධාන වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන් වාහන ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කරන ලේඛණ ස්කෑන්කර පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ බව කී එම නිලධාරියා ඒ පිළිබඳව ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලෙස දැනඅම්දී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණය කරන්න... ඇතුළේ ඉන්න හොරුයි, එළියේ ඉන්න හොරුයි කවදාකවත් ඉඩදෙන්නේ නැහැ.. හොරකම් කරනවා මිසක් හොරකම් වළක්වන්න උත්සාහ කරන්නේ නැහැ...
මොන ඩිජිටල් එක කළත්, දත්ත ඇතුල් කරන්නේ හොරු නම් ඵලක් තිබේද? අපේ බදුසල්ලි නාස්තිවීම පමණයි අවසානේ සිදුවෙන්නේ... කරුණාකර ජනතාවට සහනයක් සලසන්න ඕනේ නම් ඔය අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වැනි දේවල්... නවත්වන්න....