
(මඩුකන්ද සිතුම් චතුරංග)
කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව 15 හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය කියයි.
නිවසෙහි කාමරයක තබාගෙන මෝටාර් උණ්ඩය කොටස් කිරීමට උත්සහ කිරීමේදී පුපුරා ගොස් ඇති අතර කොටස්කරමින් සිටි පුද්ගලයා ස්ථානයේදීම මියගොස් ඇතැයිද පොලිසිය පැවසීය.
එලෙස අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය , පරන්තන් , උමයාගපුරම් ප්‍රදේශයේ පදිංචි සිවලිංගම් සිවරාජ් නැමති 25 හැවිරිදි අයකු හා ඔහුගේ බාල සොහොයුරාවූ 15 පාසල් සිසුවා බරපතල තුවාල ලබා කිලිනොච්චිය දිසා රෝහල වෙත ඇතුලත් කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd