(ගයාන් සූරියආරච්චි)
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනකු අද (16) සවස මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
එහිදී සැකකරුවන් වෙඩි තැබීමට භාවිත කළ බවට සැකකරනු ලබන පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු