IMG-LOGO

මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයට අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී  ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ සාවියා පටුමග, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන්  නමැති ව්‍යාපාරිකයකු බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා පැමිණි සැකකරුවන්ට වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබා දීම සම්බන්ධයෙන් ඉහත සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු බේස්ලයින්  ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 31  පුද්ගලයෙකු  වන අතර  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම ඝාතනය සිදු  කළ සෙසු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (0)

මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයට අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site